උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ සිදුවූ රියඅනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර සිටි ඉන්දියාවේ ජනප්‍රිය පන්ජාබි ගායක රාජ්වීර් ජවන්දාගේ මියගොස් තිබේ. සිය යතුරුපැදිගෙන් ගමන් කරමින් සිටියදී එකවැරම මාර්ගයට පැමිණි ගවයන් රෑනක් සමඟ ගැටීමෙන් යතුරුපැදිය පාලනය කර ගත නොහැකිව ජවන්දා මෙම අනතුරට මුහුණු දී ඇති බව වාර්තා වේ. එම අනතුරෙන් මාරාන්තික තුවාල ලබා දින 11 කට පසු ඊයේ (08)35 හැවිරිදි රාජ්වීර් ජවන්දා මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.ඔහුගේ ගීත පන්ජාබයේ තරුණයින් අතර ඔහුව ජනප්‍රිය චරිතයක් බවට පත් කළ බව පැවසේ.