ජනපති අනුර අද ජපානෙට යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (සැප්තැම්බර් 27) දින ආරම්භ වීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ජපන් රජයේ ආරාධනයකට අනුව අද සිට සැප්තැම්බර් 30 වන දින දක්වා ජනාධිපතිවරයා මෙම නිල සංචාරයේ නිරත වීමට නියමිත බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා පසුගියදා ඇමරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා, එතැන් සිට මෙම ජපාන සංචාරය සඳහා පැමිණෙනු ඇත. මෙම සංචාරය අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපන් අධිරාජ්‍යයා හමුවීමට නියමිත අතර, ජපන් අග්‍රාමාත්‍යවරයා සමගද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා කෙරෙන සමුළු රැස්වීමක් පැවැත්වීමට නියමිතව ඇත. ඊට අමතරව, ජනාධිපතිවරයා විසින් ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ ආයෝජකයින්ගේ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක්ද ඇමතීමට කටයුතු යොදා තිබේ. විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ,’එක්ස්පෝ 2025 ඔසාකා’ ප්‍රදර්ශනය සඳහා ද ජපන් රජයේ විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත බවයි.