ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකට ගුවන් වෛද්‍ය සේවා සපයන හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරට පත් හෙලිකොප්ටරයේ සිටි තිදෙනාගෙන් දෙදෙනෙකු අධිවේගී මාර්ගය මතට විසි වී ඇති අතර, අනෙක් පුද්ගලයා යානයට යට වී ඇති බවට වාර්තා වේ. ගුවන් වෛද්‍ය සේවාවලට අයත් මෙම හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.