2025 වසරේ භෞතික විද්‍යාව සඳහා වූ අතිශය ගෞරවනීය නොබෙල් ත්‍යාගය බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ අමෙරිකානු ජාතික විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනැමීමට තීරණය කර ඇති බව නොබෙල් ත්‍යාග කමිටුව අද (ඔක්තෝබර් 07) නිවේදනය කළේය. මෙම ත්‍යාගය හිමිව ඇත්තේ ජෝන් ක්ලාක් (බ්‍රිතාන්‍ය), මයිකල් එච්. ඩෙවොරෙට් (ප්‍රංශ) සහ ජෝන් එම්. මාර්ටිනිස් (අමෙරිකානු) යන විද්‍යාඥයින්ටයි. ඔවුන් මෙම ගෞරවය හිමිකරගෙන ඇත්තේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳව ඔවුන් සිදුකළ විප්ලවීය සොයාගැනීම් වෙනුවෙනි. ස්වීඩනයේ ස්ටොක්හෝම් හි පැවති උත්සවයකදී නොබෙල් ත්‍යාග කමිටුව මෙම නිවේදනය සිදු කළ අතර, මෙම පර්යේෂණ නවීන තාක්ෂණයට විශාල දායකත්වයක් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.