CID එක පුරවන්න යයි ශ්‍රී ලංකා පොලීසියට අලුතින් නිලධාරින් 10,000ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. ඒ, සිදු කරන විමර්ශන ශක්තිමත් කිරීම සඳහා බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටී. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එලෙස බඳවා ගන්නා නිලධාරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමට නියමිත බවයි. මේ වන විට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති පොලිස් කොමිසම සම්බන්දයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වූ අතර, දැනට සිදුකර ඇති විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ දේශපාලඥයින් පිළිබඳ තොරතුරු හෙළි වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වැඩිදුරටත් කියා සිටියේය.