“පැරා” ක්‍රීඩකයින් (other)

පදක්කම් රැගෙන එයි ඉන්දියාවේ පැවති 2025 “පැරා” ලෝක ශූරතා තරගාවලියට ( PARA World Championship – Athletics -2025 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නුවන් ඉන්දික සහ ප්‍රදීප් සෝමසිරි යන ක්‍රීඩකයින් දෙදෙනා , එහිදී තමන් සහභාගී වූ ඉසව් වලින් ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගෙන අද (07) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. මෙම තරගාවලියට ලෝකයේ රටවල් 100 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 980 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 27වැනිදා සිට 05වැනිදා දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වුණි. එහිදී දුර පැනීමේ ඉසව් සදහා සහභාගී වූ නුවන් ඉන්දික මීටර් 06.46 ක දුරක් පනිමින් , ඔහුගේ පෞද්ගලික හොදම දක්ෂතාවය කරා පැමිණෙමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය. එසේම මීටර් 1,500 දිවීමේ ඉසව්වට සහභාගී වූ ප්‍රදීප් සෝමසිරි ආසියානූ තරග වාර්තාවක් තබමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියේය. එමෙන්ම මෙම තරගාවලියට සහභාගී වූ මීටර් 100 සහ දුර පැනීමේ ඉසව් වලට සහභාගී වූ ජනනි ධනංජනා ඇයගේ හොදම තරග කාළය වාර්තා කිරීමට සමත් වී තිබූ අතර මෙම තරගාවලියේ දුර පැනීමේ ඉසව්වට සහභාගී වූ බුද්ධික ප්‍රනාන්දු ඔහුගේ වැඩිම පුද්ගල දක්ෂතාවය පෙන්නුම් කිරීමට ද සමත් වී තිබුණි. මෙම පැරා ක්‍රීඩකයින් අද අලුයම 02.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 273 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.