IMF දක්වා යන විදුලි සේවක ගැටලුව -TN විදුලි සේවක ගැටලුව IMF දක්වා යයි -IV

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කරන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිතයන් දැනුම් දුන් බව විදුලිබල වෘත්තීය සමිති පවසයි. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නියෝජිතයන්, බලශක්ති අමාත්‍ය, බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ කම්කරු කොමසාරිස් ජනරාල්වරයා එක්ව සාකච්ඡාවක් පැවැත්වීමට ඉදිරි සතියේ සඳුදා හෝ බදාදා යන දිනයන් අතර පොරොන්දුවක් ලබා ඇති බව වෘත්තීය සමිති නායකයන් කියා සිටී. ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායකයන්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයන් හා කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සමග පසුගිය සැප්තැම්බර් 25 දා සාකච්ඡාවකට එක්වීය. මෙය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්බි මාර්ගකරුවන්ගේ හා කාර්මික සේවක සංගමයේ සභාපති පරාක්‍රම රණවීර කියා සිටියේ, එම සාකච්ඡාවෙන් පසු වැඩ වර්ජනයට යාම පිළිබඳ තීරණය ගන්නා බවය. එතෙක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවද ඔහු පැවසීය. එසේම, සේවකයන්ට කිසිදු සහනයක් නොලැබුවහොත් මෙම ගැටළුව ජිනීවා මානව හිමිකම් කොමිසම දක්වා ඉදිරිපත් කරන බවද පරාක්‍රම රණවීර අවධාරණය කළේය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයන් තම ගැටළු නිවැරදිව අවබෝධ කරගෙන, විසඳුමකට යාමට උත්සාහ දැරීමට සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.