ගංවතුරින් බාලි දූපත්වල මියගිය සංඛ්‍යාව ඉහළට

මේවන විට බාලි දූපත්වලට බලපා ඇති ගංවතුර ආපදා තත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් ගණන් 14 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසයි. එම වාර්තාවල සඳහන්වන පරිදි ආපදා තත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙකු සොයා ඉදිරියටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. වර්ෂාපතනය මේ වන විට අඩු වී ඇති අතර පැවති ගංවතුර තත්වය ද මේ වන විට ක්‍රමයෙන් අඩුවී ඇත. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි.