නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස සුෂිලා කාර්කි ඊයේ (12) රාත්‍රියේ දිවුරුම් දුන් පසු, එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. හිටපු අගවිනිසුරුවරියක වන ඇය, නේපාලයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස ඉතිහාසගත විය. ඇයගේ නියෝගය අනුව, නව පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21 වැනිදා පැවැත්වීමට නියමිතය. අදාළ මැතිවරණය පැවැත්වෙන තෙක් මාස හයක් අත්පත් කරගන්නා අන්තර්කාලීන කැබිනට් මණ්ඩලය අද (13) දිවුරුම් දීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.