බුද්ධගයා කඨින චීවරය ගංගාරාමයේදී වැඳපුදා ගන්න

බුද්ධගයාවේ කඨින චීවර පිංකම එළඹෙන නොවැම්බර් 2 වැනිදා බුද්ධගයාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම පිංකමට පෙර කඨින චීවරය ඔක්තෝබර් 11 සිට 20 දක්වා ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කරනු ලබන අතර, එම කාලය තුළ බැතිමතුන්ට වන්දමාන කිරීමට අවස්ථාව උදාවේ. එමෙන්ම ඔක්තෝබර් 24 සිට 26 දක්වා සෙල්ලකතරගම වතුරුවාවිල රජමහා විහාරයේ කඨින චීවරය තැන්පත් කරනු ලබන බව බුද්ධගයා දායක සභාව පවසයි. එම කාලය තුළ ද කඨින චීවරය වන්දනාමාන කිරීම සඳහා බැතිමතුන්ට අවස්ථාව හිමිවේ.