පාසැල් ළමුන් 60%ක් මානසික පීඩනයෙන්

මෙරට පාසල් සිසුන්ගෙන් 60%ක් මානසික පීඩනයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පැවසීය. අදට (10) යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් අදහස් පළ කරමින් මහාචාර්ය මියුරු චන්ද්‍රදාස වැඩිදුරටත් සදහන් කලේ ද්වීතීක අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් 24%ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවයි. තවද මෙරට ජනග්‍රහණයෙන් 49% කට ආසන්න පිරිසකට විශාදය ලක්ෂණ පෙන්නුම් කරන බවද මහාචාර්යවරයා අනාවරණය කරයි.