ලොව ප්‍රථම අගමැතිනියගේ 25 වැනි ගුණ සමරුව අද

ලොව ප්‍රථම අගමැතිනිය ලෙස ලෝක දේශපාලනයේ මෙන්ම මෙරට දේශපාලනයේ අමරණීය නාමයක් සනිටුහන් කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දැයෙන් සමුගෙන අදට (10) වසර 25ක් සපිරේ. ඒ නිමිත්තෙන් සංවිධාන කරන ගුණසමරු උත්සවය හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද (10) පැවැත්වේ. විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජී නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ගුණසමරු පින්කම පැවැත්වෙයි. මෙහිදී මහා සංඝරත්නය විෂයෙහි දහවල් දානමය පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ. ශ්‍රී ලංකා නිදහස් කාන්තා පෙරමුණ නිලධාරී මණ්ඩලයේ හා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිතය.