ප්‍රංශ අගමැති ඉල්ලා අස්වෙන්න හේතුව ?

දේශපාලන කුණාටුවක් මැද, ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු මහතා අද (ඔක්තෝබර් 06) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ෆ්රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසු අගමැති ධුරයට පත්වී ගතවූයේ දින 26ක කෙටි කාලයක් පමණි. ලෙකෝර්නු අගමැතිවරයා අද උදෑසන එලිසී මාළිගයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා පැයක කාලයක් පුරා මුණගැසීමෙන් පසු මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම හදිසි ඉල්ලා අස්වීම ප්‍රංශ දේශපාලනය තුළ නැවත වරක් ඇති වූ දැඩි අස්ථාවරත්වය පෙන්වා දෙන බවයි. මෙම තීරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.