ගෘහණියන්ට මෙන්ම පාරිභෝගිකයින්ට ද සහනයක් ගෙන එමින්, දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය නිවේදනය කරයි. ඒ අනුව, මේ වන විට සුදු බිත්තරයක් රුපියල් 28 ක මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 30ක මිලකටත් වෙළෙඳපොළේ අලෙවි වන බව වාර්තා වේ. බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම ක්ෂණික ආහාර කර්මාන්තය ද මුහුණ දුන් දුෂ්කරතාවලට මෙම මිල පහත වැටීම මඟින් යම් සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.